කුරුණෑගල සාන්ත ආනා විදුහලේ වසර 12ට වැඩි කාලයක් සේවය කරමින් සිටියදී හදිසියේ ස්වර්ගස්ථ වූ ගරු ඩෙන්සිල් මෙන්ඩිස් සහෝදරතුමන්ගේ (උපත: 1957-10-06) දේහය අද දින(නොවැම්බර් 7වන දින ) ප.ව. 5.00 ට යෙදෙන දිව්‍ය පූජාවෙන් පසු ප.ව. 6.00කොළඹ මෝදර(130 ද ලාසාල් වීදිය, මෝදර ) පිහිටි ද ලාසාල් සහෝදරවරුන්ගේ මූලස්ථානය වෙත රැගෙන යනු ඇත. හෙට දින ප.ව. 3.00 ට දිව්‍ය පූජාවෙන් පසු දේහය මාදම්පිටිය පොදු සුසාන භූමියේ සහෝදර තුමන්ලාගේ ස්ථානයේ මිහිදන් කරනු ඇත.